ශ්‍රි ලංකාව සහ කාම්බෝජය අතර මුල්වරට තානාපති කාර්යාල ස්ථාපිත කිරිමට සැලසුම්

Share Button

කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එරට අගමැති හුන්සෙන් මහතා ඊයේ හමුවිය. එරට ආග්‍රාමාත්‍ය කාර්යාලය වන සාම මන්දිරයේදි කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා ගෞරවයෙන් යුතුව ජනාධිපතිතුමා පිළිගනු ලැබිණ. අතීතයේ සිට ඉහල මට්ටමින් පැවති දෙරට අතර ආගමික හා සංස්කෘතික සබැදියාව මෙහිදී සිහිපත් කළ හුන්සෙන් මහතා එම සබැදියාව පදනම් කරගනිමින් දෙරට අතර සංචාරක සහ වෙළෙඳ කටයුතු ඉහල නංවා ගැනිම පිළිබඳව සාකච්ඡා කළේය.
දෙරට අතර සෘජු ගුවන් සේවා ඇතිකර ගැනිම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. එමෙන්ම ආර්ථික. වෙළෙඳ ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කරගැනිමත්. අධ්‍යාපනික හා තරුණ අත්දැකීම් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරිමත් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ. දෙරට අතර දීර්ඝ කාලයක සිට ද්විපාර්ශ්වික සබදතා පැවැතිය ද දෙරටේම තානාපති කාර්යාල ස්ථාපිත කර නොමැත. ඒ සඳහා කඩිනමින් කටයුතු කිරිමට ද ජනාධිපතිතුමා හා කාම්බෝජ අගමැතිවරයා එකගතාවට පැමිණියහ.
මෙම හමුවේදී ශ්‍රි ලංකාව සහ කාම්බෝජය අතර නව අවබෝධතා ගිවිසුම් දෙකකට ද අත්සන් තැබිණ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *