කාශ්මීරයේ විශේෂ තත්ත්වය අහිමි කිරීම ඉන්දීය අගමැතිවරයා සාධාරණීකරණය කරයි

Share Button

ජම්මු කාශ්මීර ප්‍රදේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රදානය කර තිබු විශේෂ තත්ත්වය අහිමි කිරීමත් සමග එහි ජනතාවට නව යුගයක් උදාවීමේ ආරම්භය සනිටුහන් වී ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ඊයේ ජාතිය අමතමින් ඔහු ප්‍රකාශ කළේ ඉන්දියාව ඵෙතිහාසික තීරණයක් ගෙන ඇති බවයි. ජම්මු කාශ්මීර ප්‍රාන්තයට විශේෂ තත්ත්වයක් ලබා දීමෙන් සිදුවුයේ වෙන දෙයක් නොව බෙදුම්වාදී . ත්‍රස්තවාදී . දූෂිත සහ පවුල් පාලනයක් ඇතිවීම බව ඉන්දීය අගමැතිවරයා පවසයි. එමගින් රට බෙදීමේ න්‍යායපත්‍රය සම්බන්ධයෙන් පකිස්ථානයට විශේෂ වැදගත්කමක් හිමිවු බවද ඔහු සදහන් කර තිබේ. මේ අතර ඉන්දියාව සමග සියලු සංස්කෘතික හුවමාරු වැඩසටහන් අත්හිටුවීමට තීරණය කළ බව පකිස්ථානයේ ප්‍රවෘත්ති සහ ගුවන්විදුලි අමාත්‍යංශය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *