කෝප් කමිටුවේ වැඩකටයුතු ප්‍රථමවරට අද ජනමාධ්‍යවලට විවෘත කෙරේ

Share Button

රාජ්‍ය පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ රැස්විය. සභාවේ වැඩකටයුතු ජනමාධ්‍යවලට අද විවෘතවීම සුවිශේෂි අවස්ථාවකි. පාස්කු ඉරිදා එල්ල වු ත්‍රස්තවාදි ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සදහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව මාධ්‍යයට ප්‍රථමවරට විවෘත වීමෙන් පසු කාරක සභාවක කටයුතු මාධ්‍යයට විවෘත වු දෙවැනි අවස්ථාව මෙයයි. ඒ අනුව කාරක සභාවේ කටයුතු ආවරණය කිරීමට නවීන කැමරා පද්ධතියක් සවිකිරීම අද සිදුවිය. කථානායක කරු ජයසුරිය මහතා ඇතුඵ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සහ නිලධාරිහු පිරිසක් එම අවස්ථාවට සහභාගි වුහ. කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කිරීමෙන් පාර්ලිමේන්තුව මහජනතාවට වගකියන ආයතනයක් බව තවදුරටත් තහවුරු වන බව කතානායක කරු ජයසුරිය මහතා පැවසීය.

මෙම අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන අවස්ථාවක් බව කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ පාර්ශ්ව අද කමිටුව හමුවට කැදවා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *