රටට අහිතකර හා රට පාවාදෙන කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

Share Button

රටට අහිතකර හා රට පාවාදෙන කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කරයි. රටට ආදරය කරන නායකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ද අද පාර්ලිමේන්තුවේදී ඔහු පැවසුවේය. සෝෆා. ඇක්සා හා මිලේනියම් චැලෙන්ජ් යන ගිවිසුම් පිළිබඳව සභාව කල්දමන අවස්ථාවේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැනුනි.
එහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ මෙම ගිවිසුම් අත්සන් කළත් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ඒවා ක්‍රියාත්මක කළ නොහැකි බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේ මෙම ගිවිසුම් මගින් මෙරටට හානිකර තත්ත්ව ඇතිවිය හැකි බවයි.

මෙම ගිවිසුම්වලින් රටට අහිතිකර ප්‍රතිඵල ඇති නොවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *