ඉන්දියාවේ අධික වර්ෂාපතනයෙන් හා ජපානයේ උණුසුම් කාලගුණයෙන් ජනතාවට දැඩි පිඩා

Share Button

ඉන්දියාවට අධික වැසි ඇදහැලිමත් සමගම ඉන්දියාවේ කර්නාටක. කේරළ සහ මහාරාෂ්ට්‍ර ප්‍රන්තවල තවමත් ජල ගැලීම් වර්ධනය වෙමින් පවති. දේපල හා ජිවිත හානි රැසක් වාර්තාවී ඇත. මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරලීමෙන් දසදෙනෙකු පමණ මිය ගොස් ඇති අතර 30 දෙනෙකු පමණ අතුරුදන්ව ඇත. බිහාර් ප්‍රාන්තයේ අක්කර දෙලක්ෂ පනස්දහසක පමණ බෝග වගා හානි සිදුව ඇත. මේ අතර. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද ජල ගැල්මෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නවදිල්ලි නුවරදී පැවැත්වින.
මේ අතර. ජපානයට මේ දිනවල බලපා ඇති උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් සතියක කාලයක් තුළ පුද්ගලයින් 45 දෙනෙකු මරණයට පත්වී ඇතැයි එරට බලධාරීහු පවසති. එසේ මරණයට පත්ව ඇත්තේ අවුරුදු 40 ත් 90 ත් අතර වයසේ පසුවන්නන්ය. ඔවුන් අතරින් ඇතැම් වයස්ගත තැනැත්තන් තනිව ජීවත් වූ අය බවට හඳුනාගෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *