ඉදිරියේදී අරුවක්වාලු කසළ අංගනය නවීකරණයට

Share Button

කොළඹ ප්‍රදේශයේ උද්ගතවු කසළ ගැටඵවට දැන් නිසි විසදුම් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසයි. කොළඹ එක්රැස් වන කසළ පුත්තලමේ අරුවක්වාලු අංගනය වෙත බැහැර කෙරේ. ඊයේ සිට මේ දක්වා කන්ටේනර් 14 ක් මගින් කසළ එම ප්‍රදේශයට ගෙන ගොස් ඇත. මේ නිසා ජනාතවට මුහුණපෑමට සිදුවු අවහිරතා මගහරවා ගැනීමට හැකි විය. කෙරවලපිටිය කසළ අංගනයේ ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ කසළ බැහැර කිරීමට නොහැකිව ගැටඵ ඇති විය. ඉදිරියේදී අරුවක්වාලු කසළ අංගනය නවීකරණය කරන බව අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී හර්ෂණ රාජකරුණා මන්ත්‍රිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11