වත්මන් රජය සිදුකළ කටයුතු හේතුවෙන් රටට යහපත් අනාගතයක් උදාවී ඇතැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි

Share Button

වත්මන් රජය සිදුකළ වැඩකටයුතුවලින් රටට අනාගතයක් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. මේ වනවිට රටට හොඳ පිළිගැනීමක් ලැබි ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. ගතවු වසර කිහිපය තුළ විවිධ අපහසුතා මධ්‍යයේ රජය ගොඩනැගු සංවර්ධනයත්. රටත් විනාශ කරන කම්මුතුකරුවෙකුට රට භාර නොදි තම අනාගතය ආරක්ෂා කර ගන්නා ලෙස ඔහු සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටියේය. කොළඹ. කුරුණැගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ මැදිහත්වීමෙන් සිදුකර ඇති සංවර්ධන කටයුතු හා ඉදිරි පියවර සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම සදහා අද අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
අග්‍රාමාත්‍යවරයා සිදුකළ සම්පුර්ණ කථාව ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව ස්වදේශිය සේවය ඔස්සේ විකාශය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *