මරණීය දණ්ඩනය අහෝසි කිරීමට අදාළව බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයාගේ යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Share Button

මරණීය දණ්ඩනය අහෝසි කිරීමට අදාළව බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති යෝජනාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු නොවන බවට තීන්දු කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කර තිබූ පෙත්සම් තුනක් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. මහාචාර්ය සී. ගුණරත්න මහතා ඇතුඵ පාර්ශ්ව තුනක් ඉදිරිපත් කළ මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම්කර තිබුනේ නීතිපතිවරයායි. මන්ත්‍රීවරයාගේ එම යෝජනාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන බව පෙන්වා දෙන අදාළ පෙත්සම්කරුවන් එය පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවට තීන්දුවක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි. එල්. ටී. වී. දෙහිදෙණිය. මුර්දු ප්‍රනාන්දු හා ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.
මේ අතර. පුද්ගලයෙකුට ගිනිඅවියක් පෙන්වා මුදල් කොල්ලකා බවට චෝදනා ලැබු කුරුණැගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ මහතා සැප්තැම්බර් 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කුරුණැගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද නියෝග කළාය. පසුගිය 25 වැනිදා නඩුව කැදවු අවස්ථාවේ ඔහු අධිකරණයේ පෙනි නොසිටි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරින. සිද්ධියට අදාල නඩුවේ සැකකරුවන් සිව්දෙනෙකු අතරින් පලමු විත්තිකරු වන්නේ කුරුණැගල නගරාධිපතිවරයායි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *