ඉන්දියාව ඇතුඵ රටවල් කිහිපයකට දැඩි වර්ෂාපතනයක්

Share Button

ඉන්දියාව. නේපාලය. මියන්මාරය. සහ බංග්ලාදේශයට දැඩි වර්ෂාපතනයක් මේ දිනවල ලැබෙමින් පවතී. අනිද්දා සිට මෙම තත්ත්වය තවත් වර්ධනය වනු ඇතැයි ඉන්දීය කාලගුණ අංශ සදහන් කරයි. ඉකුත් දිනවල ගංවතුර හා නායයැම් හේතුවෙන්. කේරළ . කර්නාටක. මහාරාශ්ට්‍ර සහ තමිල්නාඩු ප්‍රාන්තවල පුද්ගලයෝ 70 දෙනෙක් මියගියහ. තවත් දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් වී සිටිති. පුද්ගලයන් 40 දෙනෙකු නායයෑම් හේතුවෙන් අතුරුදන්වී සිටින බව කේරළ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය පිනරායි විජයන් මහතා කියයි. මේ වනවිට සුබසාධන මධ්‍යස්ථාන 738 ක් පිහිටා තිබේ. මේ අතර මියන්මාරයේ නායයෑමක් හේතුවෙන් යටවු පිරිසකගෙන් 7 දෙනෙකුගේ සිරුරු ඊයේ රාත්‍රියේ සොයා ගැණුනි. ඒ අනුව වැසි හේතුවෙන් එරට මියගිය සංඛ්‍යාව 22 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ නර්මදා ජලාශයේ ප්‍රථමවරට වාන් දොරටු විවෘත කෙරුණි. එම ජලාශයේ වාන් දොරටු 30 ්න 26 ක්ම විවෘත කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *