මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලී පෙරහර අද විීථි සංචාරය කරයි

Share Button

මහනුවර ඇසල පෙරහරේ පළමු රන්දෝලි පෙරහර අද පස්වරුවේ වීථි සංචාරය කරයි. ශ්‍රී දළදා මැදුර අභියසින් පෙරහර ඇරඹෙයි. අවසන් කුඹල් පෙරහර ඊයේ රාත්‍රියේ විථි සංචාරය කෙරුණි. පළමු රන්දෝලි පෙරහර දින දඹාන ආදිවාසීන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වෙත මීපැණි පුජා කිරීම අතීතයේ සිට සිදුවන චාරිත්‍රයකි. ඔව්හු මෙවරත් අද ඒ සදහා එක්වෙති. එදා රජදවසේ සිට මේ දක්වා තමන් එය සාම්ප්‍රදායික සිරිතක් ලෙස රැකගෙන ආ බව ජාතික ගුවන් විදුලියට අදහස් දැක්වු ආදිවාසී නායක විශ්වකිර්තී වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ පවසති.
ඇසල පෙරහර සදහා සහභාගී වන විශිෂ්ට කලාකරුවන් තෝරා ඔවුන් වෙත සම්මාන ප්‍රදානය කිරීමේ වැඩපිළීවෙලක් ඇසල පෙරහර භාරය මෙවරද ක්‍රියාත්මක කරනු ලැබේ. අවසන් කුඹල් පෙරහරේ සිට අවසන් රන්දෝලී පෙරහර දක්වා සම්බන්ධ වන කලාකරුවන් මේ යටතේ සමීක්‍ෂණය කෙරේ. ප්‍රවීන විනිශ්චය මණ්ඩලයක් ඒ සදහා කටයුතු කරයි. පෙරහර ගමන් කරන ස්ථාන කිහිපයක ඔව්හු රැදි සිටිති. එම ශිල්පීන්ට සම්මාන ප්‍රදානය ලබන 15 වැනිදා පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
රන්දෝලි පෙරහර අද ආරම්භ වන බැවින් කොළඹ කොටුවේ සිහ මහනුවර දක්වා අද සිට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කෙරේ. ඒ අතරම අභ්‍යන්තර ප්‍රවාහන සේවාද පුඵල් කර ඇත. මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය ඇතැම් මාර්ගවල නොමිලේ ප්‍රවාහන කටයුතු ද සිදුකරයි. ප්‍රජා සුවසේවා වැඩසටහන් මාළාවක්ද ක්‍රියාත්මක කෙරේ. මහනුවර තරුණ බෞද්ධ සංගමය. සර්වෝදය.. සෞඛ්‍යදාන සහ රතුකුරුස සමාජය එය සංවිධාන කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *