උතුරු කොරියාව තවත් කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බලයි

Share Button

උතුරු කොරියාව තවත් කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බලයි. දින කිහිපයක් තුළ එරට සිදුකළ පස්වැනි මිසයිල අත්හදා බැලීම මෙයයි. දකුණු කොරියාව සදහන් කරන්නේ මෙය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රඥප්තීන් කඩ කිරිීමක් බවයි. මෙම මිසයිල මුදා හැරීමට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා ලිපියක් යොමු කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමාට උතුරු කොරියානු නායකයාගෙන් ඉතා ලස්සන ලිපියක් ලැබුණු බවයි. ඇමරිකාව සහ දකුණු කොරියාව අතර සිදුවන ඒකාබද්ධ හමුදා අභ්‍යාසවලට උතුරු කොරියානු නායකයා නොසතුට පළ කර ඇතැයි ද ට්‍රම්ප් මහතා සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *