මහනුවර ඇසල පෙරහරේ දෙවැනි රන්දෝලි පෙරහර අද

Share Button

මහනුවර ඇසල පෙරහරේ දෙවැනි රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීම අද පස්වරු 6.40 ට යෙදෙන සුභ මොහොතින් ශ්‍රී දළදා මැදුර අභියසින් ආරම්භ වෙයි. එය දළදා වීදිය . ඩී එස් සේනානායක වීදිය . ශ්‍රීීමත් බෙනට් සොයිසා වීදිය . යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළට පැමිණ නැවත දළදා මාලිගාවට ගෙවැදීමට නියමිතයි. ඊයේ පළමු රන්දෝලි පෙරහර නැරඹීමට විදේශීය සංචාරකයෝ ඇතුඵ විශාල පිරිසක් එක්වුහ.
රන්දෝලි පෙරහර ආරම්භ වු බැවින් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අතරම අභ්‍යන්තර ප්‍රවාහන සේවාද පුඵල් කර ඇත. මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය ඇතැම් මාර්ගවල නොමිලේ ප්‍රවාහන කටයුතු ද සිදුකරයි. ප්‍රජා සුවසේවා වැඩසටහන් මාලාවක්ද ක්‍රියාත්මක කෙරේ. මහනුවර තරුණ බෞද්ධ සංගමය. සර්වෝදය.. සෞඛ්‍යදාන සහ රතුකුරුස සමාජය එය සංවිධාන කරයි. ජාතික ගුවන් විදුලියේ ඇසළ විසිතුරු විශේෂ විකාශයට කදුරට සේවය ඔස්සේ සවන්දිය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *