කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතා වඩාත් ශක්තිමත්ව ඇතැයි කාම්බෝජ සංඝරාජ හිමිවරු පවසති

Share Button

ථේරවාදී බුදුදහමේ චිරස්ථිතිය ඇතිකිරිම උදෙසා කාම්බෝජය සමග තානාපති සබදතා ශක්තිමත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. ඒ වෙනුවෙන් මෙරට තානාපති කාර්යාලයක්. කාම්බෝජයේ ස්ථාපිත කිරිමට නියමිත බව කාම්බෝජ අගනුවර පිහිටි වට් ලංකා ප්‍රාකුසුමාරාම් විහාරස්ථානයේ ඊයේ පැවැති ආගමික වතාවත් වලට සහභාගී වීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපතිතුමා පැවසිය.

දෙරට අතර මිත්‍රතත්වයේ සංකේතයක් ලෙස කාම්බෝජයේ ඕක් දොං කදුකරයේ පිහිටි භාවනා මධ්‍යස්ථානයට නා පැල ප්‍රදානය කිරිමක් ද ජනාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් ඊයේ සිදුකෙරිණ. මෙහිදි අදහස් දැක්වු එරට මහා සංඝරත්නය පැවසුවේ වර්තමානයේදි කාම්බෝජය සහ ශ්‍රි ලංකාව අතර බෞද්ධාගමික සබදතා වඩාත් ශක්තිමත් ව ඇති බවයි. උතුම් බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීමේ සහ එය ලොවපුරා ව්‍යාප්ත කිරිමේ වැදගත්කම සැබෑ බෞද්ධ නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හදුනාගෙන ඇති බව පුජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ මෙහිදි පැවසුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *