ක්‍රිස් ගේල්ගේ 300 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද

Share Button

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල්ගේ 300 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙය වීමද විශේෂත්වයකි. දෙරට අතර පැවති පළමු තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු විය. තෙවැනි තරගය ලබන බදාදා පැවැත්වේ. ඉන්දියාව එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නවතම දර්ශකයේ දෙවන ස්ථානයේ පසු වන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 9 වන ස්ථානයේ පසු වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *