චීනයට බලපෑ ලෙකිමා චන්ඩ මාරුතයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහලට

Share Button

චීනයට බලපෑ ලෙකිමා චන්ඩ මාරුතයෙන් මිය ගිය සංඛ්‍යාව 28 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මිලියනකට අධික පිරිසක් සිය නිවාස වලින් ඉවත් කිරීමට බළධාරීහු පියවර ගත්හ. වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ නාය යාම් හේතුවෙනි. පුද්ගලයන් දහ දෙනෙකු පමණ අතුරුදන් වී තිබේ. ඊයේ පෙරවරුවේ ලෙකිමා චන්ඩ මාරුතය වෙන්ලිග් නගරය හරහා හමා ගියේය. මේ වන විට එම චන්ඩ මාරුතයේ ප්‍රබලත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව එරට කාලගුණ අංශ සදහන් කරයි. ලෙකිමා අද දිනයේ ෂැන්හයි හරහා හමා යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගංවතුරට සිරවී සිටින රියදුරන් හා සුන්බුන් වලට යටවී සිටින පිරිස් බේරා ගැනීම සදහා සහන කණ්ඩායම් යොදවනු ලැබ සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *