ලොවපුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති

Share Button

ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය පවත්වති. හජ් උත්සවය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වියවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් පැවතිය යුතු බැදිමේ මහිමයේ පුඵල් ආදර්ශයක් හජ් උත්සවයෙන් සැපයෙන බව සදහන් කරයි. ලොව නන්දෙසින් පැමිණෙන ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මෙම උත්සවයෙන් ලැබෙන්නේ අන් සියලු ආගමිකයන් සමග සමානතාවයෙන් යුතුව දිවි ගෙවිමේ ශික්ෂණය බව ද එම පණිවිඩයෙන් සදහන් වෙ යි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පණිවිඩයක් නිකුත් කරමින් සමාජය තුළ ඇති නැති පරතරය විවිධ බේද දුරලා සමානාත්මතාව සහෝදරත්වය ඇති කිරිම හජ් උත්සවයේ ප්‍රමුඛ අරමුණ බව පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *