ඉන්දියාවේ කොචින් දක්වා ගුවන් ගමන් යලිත් අද සිට

Share Button

ඉන්දියාවේ කොචින් දක්වා ගුවන් ගමන් අද සිට යලි ආරම්භ කරන බව ශ්‍රි ලංකන් ගුවන් සේවය පවසයි . කොචින් නගරයේ පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් පසුගියදා එම ගුවන් ගමන් අත්හිටවනු ලැබිය. අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ කේරල. කර්නාටක. මහාරාෂ්ට්‍ර හා ගුජරාට් යන ප්‍රාන්ත වලට රතු අනතුරු ඇගවීම් නිකුත් කර තිබිණි. කෙසේවෙතත් ශ්‍රි ලංකන් ගුවන් සේවය කොචින් දක්වා ගුවන් ප්‍රවේශපත්‍ර වෙන් කරවාගෙන සිටි මගින්ට ත්‍රිවෙන්ද්‍රම් හා කොයිම්බතුර් හා තම ගුවන් සංචාර සිදු කිරිමට අවස්ථාව සලසා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *