දුම්රිය සදහා ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත්‍රයක් හදුන්වාදීම මේ වසර අවසානයට පෙර

Share Button

මේ වසර තුළ දුම්රිය සදහා ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්‍රයක් හදුන්වා දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලංක ප්‍රනාන්දු මහතා කියයි.

වැඩපිළිවෙල ආකාර 4 කින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එම ක්‍රමවලට මගින් හුරුවනතුරු සාමාන්‍ය ප්‍රවේශපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.

කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීිමේ වැඩපිළිවෙල යටතේ මරදානේ සිට නුගේගොඩ දක්වා කණුමත යන විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකෙරේ.

එහි ඉදිකිරීම් මේ වසරේදී ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කියයි. දුම්රිය මගි තදබදය අවම කිරීම සදහා මරදාන හා කොටුව අතර ඇති දුම්රිය මාර්ග සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ නැංවේ. පොල්ගහවෙල කුරුණෑගල මාර්ගය සදහා විද්යුත් සංඥා ක්‍රමයක් හදුන්වා දෙන බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *