මෙරට ඇගලුම් අපනයන ආදායම ඉහළ යයි

Share Button

මෙරට ඇගලුම් අපනයන ආදායම් ඉහළ යයි. පසුගිය වසරේ පළමු මාස 7 හා සැසදීමේදී මේ වසරේ අදාළ කාලය තුළ ඇගඵම් අපනයන ආදායම සියයට 9 කින් ඉහළ ගොස් ඇතැයි ඒකාබද්ධ ඇගලුම් සංසදයේ මහලේකම් එම්. පී. ටී. කුරේ මහතා කියයි.

මෙරට වාර්ෂික විදේශ ආදායමෙන් සියයට 43ක්ම ලැබෙන්නේ ඇගලුම් අපනයනයෙනි. එය දෙවැනි වන්නේ විගමණික සේවකයන්ගෙන් රටට ලැබෙන ආදායමට පමණක් බව කුරේ මහතා කියයි. චීනය හා අමෙරිකාව අතර පවතින වෙළෙඳ ගැටඵවෙන් ශ්‍රී ලංකා ඇගලුම් අපනයනයට වාසි අත්වී ඇතැයිද ඔහු සදහන් කළේය.

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ඇගලුම් අපනයනය කරන්නේ අමෙරිකාවටයි. යුරෝපා රටවලට සිදුකරන අපනයන දෙවන ස්ථානයට පත්වෙයි. ජී. එස්. පී බදු සහනය ලැබීම ඇගලුම් අපනයන ආදායම ඉහළයාමට තවත් හේතුවක් වි තිබේ.

මෙරට ඇගලුම් සදහා ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින බවද කුරේ මහතා කියයි. ශ්‍රී ලංකාවේ දැනට මහ පරිමාන ඇගලුම් ව්‍යාපාර 350 ක් පමණ ක්‍රියාත්මකයි.

ඒවායේ සේවක සංඛ්‍යාව ලක්‍ෂ 4 කට අධිකය. ඍජු හා වක්‍ර වශයෙන් එම කර්මාන්තවලින් ජීවනෝපාය සලසා ගන්නා පවුල් සංඛ්‍යාව ලක්‍ෂ 10 ඉක්මවය.ි තව තවත් ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට එළඹ ව්‍යාපාරික අවස්ථා පුඵල් කරගැනීමට රජයෙන් තාක්‍ෂණික හා ව්‍යාපාර සහාය අපේක්ෂා කරන බව ඒකාබද්ධ ඇගලුම් සංසදයේ මහලේකම්වරයා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *