මහනුවර සිව්වන රන්දෝලී පෙරහර අද

Share Button

මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර අද රාත්‍රියේ විදි සංචාරය කරයි. රාත්‍රි 7.38 ට දකුණු දිශාභිමුඛව ශ්‍රී දළගා මාළිගය අභියසින් ආරම්භ වන පෙරහර දළදා වීථීය. යටිනුවර විථීය. හරස් වීථිය. හා ඩී. එස්. සේනානායක විථිය ඔස්සේ ගමන් කර රජ වීථීයෙන් ඉහළට පැමිණ යළි මාළිගයට ගෙවදී. අවසන් රන්දෝලී පෙරහර නිකිනි පුර පසලොස්වක පොහොය යෙදී ඇති හෙට රාත්‍රියේ විථි සංචාරය කරයි. මෙවර ඇසල පෙරහර මංගල්‍යය සදහා විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒ සදහා දායකවෙයි. ප්‍රවාහන හා සෞඛ්‍ය සේවාද ඉහළ නංවා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *