රටපුරා දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් අරඹන බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි

Share Button

රාජ්‍ය පාලනයේදී මෙන්ම රටේ ඉදිරි ගමනේදී ප්‍රධානතම කොටස්කරුවන් විය යුත්තේ පොදු ජනතාව බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා කියයි. එම කාර්යය ඉටුකල හැක්කේ දක්ෂ හැකියාව ඇති වෘත්තීයෙන් පරිපුර්ණ වු නව නිර්මාන මගින් රට සීඝ්‍ර සංවර්ධනයකට යොමුකළ හැකි අයෙකුට බව ඔහු පෙන්වා දෙයි. රටක් දියුණු විමට නම් කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ට සහනදී දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත්කර අපේකමට මුල්තැන දී ක්‍රියා කළ යුතුය. තරුණ පරපුරේ සිතුම් පැතුම් හඳුනාගත යුතුය.. රටක් සංවර්ධනයට හිතුමතේ සංකල්ප නිර්මාන කළ නොහැක. නිශ්චිත ජාතික සැලැස්මක් මගින් ඉලක්කගත වැඩපිළිවෙලක් ඒ සඳහා අවශ්‍ය වෙයි. සතිපතා. මාස්පතා. එම වැඩපිළිවෙල සොයාබැලිය යුතුය. ඉන් ජනතාවට ශක්තියක් ලැබේදැයි සොයා බැලිය යුතු බව බදුල්ලේ විල්ස් උද්‍යානයේ ඊයේ පැවති රැළියකදී ඔහු සදහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම්කරන්නැයි ඉල්ලා ඌව වෙල්ලස්ස ජනතාව එය සංවිධාන කර තිබුනි. ගමේ කර්මාන්තශාලා වැඩසටහන නියමිත ඉලක්කයක් යටතේ ආරම්භකෙරේ. ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට ඇප කැප වන බවට සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සහතික විය.. ජාතික ආරක්ෂාව යනු මිල්ටරි ආරක්ෂාවක් පමණක් නොවේ. දේශපාලන. ආර්ථික. සමාජ ආරක්ෂාව. එහිදී තහවුරු විය යුතුය. බදු බරින් මධ්‍යම පාංතිකයා මුදාගත යුතුය.. සෑම කෙනෙක්ම ජයග්‍රහනය කරවන සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කලේය. මෙරට උප දිසාපති කොට්ටාශ 332 තුලම ග්‍රාම සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කර සෑම පුද්ගලයෙකුටම සෙත සැලසීමට ක්‍රියා කෙරේ. ජාත්‍යන්තර මට්ටමේ පරිගනක මධ්‍යස්ථාන සහ චීන ඉංග්‍රිසි දැනුම ලබාදෙන භාෂා විද්‍යාගාර ද පිහිටුවේ. නවීන ලෝකයට ඔබින ලෙස අධ්‍යාපන ක්‍රමය ද වෙනස් කරන බව ඒ මහතා පැවසීය.. රණවිරුවන්ගේ අභිමානය ආරක්‍ෂා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *