ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ඉදිරි දෙසතිය තුළ

Share Button

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ඉදිරි දෙසතිය තුළ ගන්නා බව පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වෙන ලබන මස 2 වැනිදා වනවිට සාකච්ඡා සාර්ථක වී අනාගතයේ ජනාධිපතිවරයා පත් කර ගන්නා පුඵල් සන්ධානය බිහි කර ගැනීමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි. කුමන හේතුවක් නිසා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට දිය කර හැරීමට කිසිදු සුදානමක් නැතැයි ඔහු අවධාරණය කළේ අනුරාධපුර තලාව කෝංගල්ලෑව ගම්මානයේ පැවති උත්සවයකට එක් වෙමිනි. දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වා තිබේ. ඉදිරියේ දී තවත් සාකච්ඡා පැවැත්වෙයි. ඉදිරි ජනාධිපතිවරයා තීරණය කිරීමේ තීරණාත්මක බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ප්‍රධාන කඳවුරු දෙකටම එම පක්ෂයේ සහාය නැතිව ජනාධිපතිවරයෙකු බිහි කර ගැනීමට හැකියාවක් නැතැයි දුමින්ද දිසානායක මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *