වයස අවුරුදු 18 සම්පුර්ණ වු තුන් ලක්ෂයකට ඡන්ද වරම් ලබාදීමට ඊට අදාල පනත පාර්ලිමේන්තුවේ දී සම්මත විය යුතු බව මැතිවරණ කොමිසම කියයි

Share Button

2018 ඡන්ද හිමි නාමලේඛනයේ සඳහන් ඡන්ද දායකයන්ට අමතරව එම වසරේ ජුනි මස පළමුවැනිදායින් පසුව වයස 18 සම්පුර්ණ වු අයටද ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද අයිතිය ලබාදීමට නම් ඊට අදාලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත සම්මත විය යුතු බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා කියයි. ජනාධිපතිවරණය පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් වීමට පෙර එය සම්මත විය යුතුය. එසේ වුවහොත් 2018 ඡන්ද හිමි නාම ලේඛනයේ සදහන් ඡන්ද දායකයන්ට අමතරව තවත් ලක්ෂ 3 කට පමණ ඡන්ද අයිතිය හිමි වන බව ඒ මහතා පවසයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මහජන නියෝජිතයන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු විය යුතුය. 2018 ඡන්ද හිමි නාම ලේඛනයේ සදහන් ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනු දෙදහස් අනුහයකි.
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මැතිවරණ කොමිසම සුදානම් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. ජනාධිපතිවරණයක් පැවැත්වීමට රුපියල් කෝටි 400 ත් 500 ත් අතර මුදලක් වැය වෙයි. එම ප්‍රතිපාදන ලබා දීමට මහා භාණ්ඩාගාරය සුදානමින් සිටින බව ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *