අදත් හෙටත් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වර්ධනයක්

Share Button

අදත් හෙටත් දිවයිනේ නිරතදිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර . සබරගමුව . මධ්‍යම සහ වයඹ පළාත්වල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා වර්ධනය විය හැකි බැවින් ජනතාව ඒ පිළිබදව අවධානයෙන් පසු විය යුතු බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

මාතර සිට හම්බන්තොට . හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමිටර් 80 දක්වා වැඩි විය හැකි බැවින් නාවික හා ධීවර ප්‍රජාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව කරුණානායක මහතා කියයි.
විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ ප්‍රදේශවලට පසුගිය පැය විසිහතරේ දී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි ද කාලගුණ ිවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වැඩිම වර්ෂාපතනයක් වාර්තා වන්නේ හෝර්ට්න් ප්‍රදේශයෙනි. එය මිලිමිටර් 111 කට අධිකයි. ලක්ෂපාන ප්‍රදේශයට මිලිමිටර් 97 ක වර්ෂාපතනයක් ලැබී තිබෙ.් කාසල්රි ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමිටර් 90 කි. ඊට අමතරව මාඋස්සාකැලේ . කැනියන් . ඉහල කොත්මලේ සහ කොත්මලේ යන ප්‍රදේශවලට මිලිමිටර් 50 ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇත. දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද අධික වැසි වාර්තා වන අතර කොටගල රොසිටා ප්‍රදේශයට මිලිමිටර් 103 කට අධික වර්ෂාපතනයක් ලැබී ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *