ගම් පෙරළිය සංවර්ධන වැඩපිළිවෙලේ තුන්වන අදියර ලබන මස මුලදී ඇරඹේ

Share Button

ගම් පෙරළිය සංවර්ධන වැඩපිළිවෙලේ තුන්වන අදියර ලබන මස මුලදි ඇරඹේ. එම අදියරේ ව්‍යාපෘතිවලින් ස්වයං රැකියාලාභීන් සවිබල ගන්වන බව රාජ්‍ය ඇමති ජේ සී අලවතුවල මහතා කියයි. ග්‍රාමීය මට්ටමේ ඇති විවිධ සංවිධාන ශක්තිමත් කිරීම ද එම අදියරට අයත්ය. තුන්වන අදියරේ දී සෑම මැතිවරණ කොට්ඨාසයකටම අමතර රුපියල් කෝටි 10 ක මුදලක් වෙන් කරන බවද රාජ්‍ය ඇමතිවරයා පවසයි. මේ වනවිට සෑම මැතිවරණ කොට්ඨාසයකටම ගම් පෙරළිය සංවර්ධන වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා රුපියල් කෝටි 30 ක මුදලක් ලබාදී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *