ශ්‍රි ලංකා – නවසීලන්ත ප්‍රථම ටෙස්ට් තරගය හෙට ගාල්ලේදි

Share Button

ශ්‍රි ලංකා හා නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ලේදි ආරම්භ වෙයි. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ප්‍රථම තරගය මෙයයි. දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 22 වැනිදා කොළඹදී ආරම්භ වෙයි. දෙරට අතර පන්දුවාර විස්සේ තරග 3 ක් ද පැවැත්වීමට නියමිතය.
මේ අතර ලේට්න් කුසලාන බොක්සිං තරගාවලිය කොළඹ රාජකීය විද්‍යාල ගෘහස්ථ බොක්සිං ක්‍රිඩාංගනයේදි අද ඇරඹෙයි. ක්‍රිඩකයෝ 125 දෙනෙක් හා ක්‍රිඩිකාවෝ 37 දෙනෙක් ඊට සහභාගි වෙති. ලබන දෙසැම්බර් මස නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භ වීමට නියමිත සාග් ක්‍රිඩා උළෙලේ තේරීම් තරගාවලියක් ලෙස මෙය යොදා ගැනේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *