සතියකට දිනක් සියලු පාසල්වල සන්නිවේදන කටයුතු ඉංග්‍රීසි භාෂවෙන් සිදුකිරිමට පියවර ගැනේ

Share Button

ගෝලීය අධ්‍යාපන ඉලක්ක ජයගත හැකි පරිදි මෙරට පාසල් සිසුන්ගේ ඉංග්‍රිසි භාෂා කුසලතා ඉහළ නංවන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය ලබාදී ඇති විෂය මාලාව වඩාත් ඵලදායිව භාවිත කරමින් ඉංග්‍රිසි භාෂාවට අදාල ඉගෙනුම් සැලසුම් සකස්කර ගුරුවරුන් සඳහා චක්‍රලේඛයක් සහ උපදෙස් සංග්‍රහයක් නිකුත් කිරිමට පියවර ගෙන ඇත. තවද සතියකට එක් දිනක් සියලු පාසල්වල සන්නිවේදන කටයුතු ඉංග්‍රිසි භාෂාවෙන් සිදුකිරිමට යෝජනා කර තිබේ.. පාසල් සිසුන්ගේ ඉංග්‍රිසි කථන සහ ශ්‍රවන කුසලතා ඇගයීම සඳහා වැඩපිලිවෙලක් ද මේ වන විට සියලු පලාත්වල ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ විභාග දෙපාර්තමේන්තුව. ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ උපදේශකවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් සකස් කළ ශ්‍රවන හා කථන ඇගයීම් නිර්නායක සියලු පළාත් වෙත ලබාදී ඇත.
මේ අතර ලබන වර්ෂය සඳහා නොමිලේ පෙළ පොත් බෙදාහැරීම ලබන සිකුරාදා නිල වශයෙන් ඇරඹේ. එහි නිල උත්සවය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේදි පැවැත්වේ. නොමිලේ පෙලපොත් ලබාදීම සඳහා රුපියල් මිලියන හාරදාස් එකසිය හැටපහක් රජය මෙවර වැය කරයි. රජයේ සියලු පාසල්වල සිසු දරුවන්ට හා පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂුන්වහන්සේට අවශ්‍ය පොත් වර්ග 448 ක පිටපත් මිලියන 43 ක් මෙහිදී නොමිලේ බෙදාහැරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *