කොළඹ නරගයේ කසල ගැටඑව විසඳා ඇති බවට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

Share Button

කොළඹ ප්‍රදේශයේ උද්ගතව පැවති කසල ගැටඑවට මේ වන විට විසඳුම් සපයා ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. කොළඹ ප්‍රදේශයේ කසල රැදවීමට ඉදිකර ඇති පුත්තලම අරුවක්කාලු කසල රදවනය මගින් ප්‍රදේශවාසීන්ට කිසිඳු බලපෑමක් සිදුනොවන බව එම අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පැවසුවේ අද එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මාධ්‍ය හමුවට එක්වු මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ සරෝජණි ජයසේකර මහත්මිය පැවසුවේ මධ්‍යම පරිසර අධිකාරිය ලබාදුන් නිර්නායක මත පදනම්ව පරසර හිතකාමීව අරුවක්කාලු කසල රදවනය ඉදිකර ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *