නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී

Share Button

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී ඇරඹෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට මෙරටදී ටෙස්ට් තරගාවලියකට සහභාගි වූයේ එංගලන්තයට එරෙහිව වන අතර එම තරගාවලිය 3 ට බින්දුවක් වශයෙන් ජයගැනීමට එංගලන්තය සමත් විය. නවසීලන්තය 1984 න් පසුව මෙරටදී ටෙස්ට් තරගාවලියක් ජයගෙන නැත. අද තරගයට සහභාගි වන කණ්ඩායම පිළිබඳව තීරණයක් ගැනීමට පෙර තණ තීරුව පරීක්ෂා කළ යුතු වුවත් පවතින වැසි තත්ත්වය හමුවේ එම අවස්ථාව උදා නොවුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.
මෙවර ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ දී ක්‍රීඩකයාගේ බැනියමේ පසුපස ඔහුගේ නම සහ අනු අංකය ප්‍රදර්ශනය කිරීම විශේෂයත්වයකි. ක්‍රීඩකයන් ටෙස්ට් හිස්වැස්ම දිනාගැනීමේ අනු පිළිවෙල අනුව ඔහුට හිමිවන අංකය ඔහුගේ බැනියමේ ඉදිරිපස ප්‍රදර්ශනය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *