පටු දේශපාලන වාසි තකා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව අනවශ්‍ය විවේචන කිරිමෙන් වැලකි සිටිමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දෙයි

Share Button

මහනුවර වාර්ෂික ඇසළ පෙරහර මහා මංගල්‍යය මෙවර ද සාර්ථකව පවත්වා අවසන් කළ බවට වන සංදේශය සම්ප්‍රදායානුකුලව දියවඩන නිලමේ නිලංග දෑල මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ඊයේ පස්වරුවේ භාරදුන්නේය. මහනුවර ජනාධිපති මන්දිරයේදි එය සිදු කෙරිණ. මෙහිදි අදහස් දැක් වූ ජනාධිපතිතුමා සදහන් කළේ මෙරට අභිමානවත් සංස්කෘතියේ ප්‍රධානතම අංගය වූයේ මෙම ඵෙතිහාසික මහා සංස්කෘතික මංගල්‍යය මෙරට සිරිත් විරිත් විදහා දැක්වෙන අධ්‍යාත්මික පූජාවක්ද බවයි. මෙවර පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනිම සදහා පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් බව පැවසු ජනාධිපතිතුමා තම උපදෙස් පරිදි ඒ සදහා විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක්ද ක්‍රියාත්මක කළ බව කිවේය. රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කර සියලු ජනකොටස් අතර සාමය මේ වනවිට ස්ථාපිත කර තිබේ. මෙවන් අවස්ථාවක ජාතික ආරක්ෂාව දුර්වල වී ඇති බවට ආණ්ඩුවේම ඇතැමුන් සිදුකරන ප්‍රකාශ පිළිබඳව එහිදි ජනාධිපතිතුමා සිය කණගාටුව පළ කළේය. පටු දේශපාලන වාසි තකා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව අවිනිත ප්‍රකාශ සහ අනවශ්‍ය විවේචන සිදු නොකරන ලෙස තමා එම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා පැවසිය.
ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් ආරක්ෂාව තහවුරු කිරිම සදහා කැප වූ ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ සියලු ආරක්ෂක අංශ වෙත ජනාධිපතිතුමා මෙහිදි සිය කෘතවේදිත්වය පළ කළේය. පෙරහරට සහභාගි වූ සියලු කලා ශිල්පින්ට තිලින හා සම්මාන පිරිනැමිමද එතුමා අතින් සිදු කෙරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *