කොළඹ මාදම්පිටිය ප්‍රදේශයේදී දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව සැක පිට තිදෙනෙකු අත්අඩංගුවට.

Share Button

කොළඹ ග්‍රූන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය ප්‍රදේශයේ දී ඊයේ පස්වරුවේ දෙදෙනෙකු පිහිවලින් පහර දී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව සැක පිට තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙති.

පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම අත්අඩංගුවට ගත් එම තිදෙනා මට්ටක්කුලිය පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් මුලස්ථානය කියයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඝාතනය සදහා පැමිණි පුද්ගලයන්ගේ බවට සැක කෙරෙන ත්‍රිරෝද රථයක් මාදම්පිටිය සුසාන භුමිය තුළ තිබී සොයා ගත් අතර ඒ අනුව සිදු කළ විමර්ශනවල දී හෙලිවුයේ එම ත්‍රිරෝද රථය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි දැනට බන්ධනාගාර ගතව සිටින ඩබ්ලිව් ඒ නිරෝෂනී නමැති කාන්තාවකට අයත් බවයි. ඇගේ නිවස පරීක්ෂා කිරීමේ දී කඩු 2 ක් හමුවු අතර නිවස අවට පරීක්ෂා කිරිමේ දී අදාල සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

දඹුල්ල-හබරණ මාර්ගයේ මීගස්වැව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවු අනතුරකින් තිදෙනෙක් මරණයට පත් වෙති. තවත් දෙදෙනෙකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුලත් කර තිබෙ.් දඹුල්ල දෙස සිට හබරණ දෙසට ධාවනය වු කුඩා වෑන් රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු විය. මරණයට පත්ව ඇති පිරිස කුරුණෑගල හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ටිපර් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *