අලුතින් ගුරුවරුන් පන්දහසක් ඉදිරියේදී බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි

Share Button

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සදහා අලුතින් ගුරුවරුන් පන්දහසක් බඳවා ගන්නා බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ලබන වසර සදහා නොමිලේ පෙලපොත් බෙදාහැරීමේ උත්සවයේදී අද ඔහු මේ බව කීවේය.
13 වසරක අධ්‍යාපන වැඩසටහනට අනුව උසස් පෙළ වෘත්තිය විෂයධාරා යටතේ සිසුන්ට නවලොව රැකියා වෙළෙඳපොල ජයගත හැකි වෘත්තිය විෂයන් 26 ක් හදුන්වාදී තිබේ. ඔවුන්ගේ රැකියාගත පුහුණු කාලසීමාවේදී රුපියල් 500 ක දෛනිකව දීමනාවක් ගෙවීමට ද අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මේ අතර. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට මාර්ගගත ක්‍රමයට :ධබකසබැ– ශිෂ්‍යාධාර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත. එහි පළමු පියවර ලෙස ඔවුන්ගේ දත්ත පරිගණක පද්ධතියකට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. මාස්පතා වව්චර් මගින් ශිෂ්‍යාධාර මුදල් ඉල්ලුම් කිරීමේදී සිදුවන ප්‍රමාද වීම් මෙම මාර්ගගත ක්‍රමය මගින් විසඳෙන අතර මෙහිදී එම මුදල් කඩිනමින් සිසුන්ගේ ගිණුම් වෙත යොමු කිරීම සිදුවෙයි. දැනට ලබාදෙන රුපියල් 500 ක මාසික ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගැනේ. ශිෂ්‍යාධාර සදහා වාර්ෂිකව රජය වැය කරන මුදල රුපියල් මිලියන 362 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11