ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව පිහිටුවයි

Share Button

මෙරට ශාසන ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා අමරපුර හා ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායන් එක්වී ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව අද පිහිටුවා ගනු ලැබීය. සෙත් පිරිත් මධ්‍යයේ ඊට අදාල සම්මුති පත්‍රයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි ස්වාමින් වහන්සේ අත්සන් තැබුහ. රටේ උද්ගත වන ආර්ථික සහ සාමාජීය ගැටඵවලට සාර්ථකව මුහුණදෙමින් ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකිරීම මෙම සම්මුතියේ අරමුණ බව අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ මෙහිදී පැවසුහ. සංඝාධිකරණ පනත පිළිබඳ කථිකාවතක් ඉදිරියේදී ඇති කිරීමට පියවර ගන්නා බවද උන්වහන්සේ සදහන් කළහ. කොළඹ පදනම් ආයතනයේ අද පැවති මෙම අවස්ථාවට එම නිකායවල ස්වාමින් වහන්සේ 450 දෙනෙක් හා කථානායක කරු ජයසුරිය මහතා ඇතුඵ මැතිඇමතිවරු පිරිසක් ද සහභාගි වුහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11