පසුගිය වසර කිහිපය තුළ රටපුරා ස්ථාවරභාවය ගොඩනැගු බවට අගමැතිතුමාගෙන් ප්‍රකාශයක්

Share Button

පසුගිය වසර කිහිපය තුළ රටපුරා ස්ථාවරභාවය ගොඩනැගු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. එමගින් ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණයේ ස්වාධිනත්වයට තහවුරු කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මෙහිදී උතුරේ ප්‍රදේශවල ජල ගැටඵ සදහා කඩිනම් විසදුම් ලබාදීම කෙරෙහි අවධානය යොමු විය. යුද්ධයෙන් අවතැන්වුවන් සදහා සහන සැලසිම හා උපාධිධාරි පත්වීම් ලබාදීම කඩිනම් කෙරේ. තවද පලාලි ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය.
ඉන්දිය සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කිරීමට ද අග්‍රාමාත්‍යවරයා එක්විය. වඩමාරච්චි ප්‍රදේශයේ නිවාස යෝජනා ක්‍රමයක් ද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරිණ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *