පොලිස් කොස්තාපල්වරුන් ඇතුඵ 31 දහසකට ලගදීම උසස්වීම්

Share Button

රජය විසින් පොලිස් නිලධාරින්ට උසස්වීම් ලබාදීම සදහා ප්‍රතිපත්තිමය තීරණයකට එලඹ ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. පොලිස් දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලා ඇති තොරතුරු ලැබුනු වහාම වැටුප් කොමිසමේ ද නිර්දේශ සහිතව 31 දහසකට අධික පොලිස් නිලධාරින්ට උසස්වීම් ලබාදිය හැකිය. එම වැඩපිළිවෙල කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුනු විගස ක්‍රියාත්මක කළ හැකි බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි. පොලිස් කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබාදීම සදහා මුදල් නොමැති බවට ඇමති මංගල සමරවීර මහතා ප්‍රකාශ කලේ යැයි ඇතැම් මාධ්‍යවල ප්‍රචාරයවු ප්‍රවෘත්තිය මුඵමනින්ම සාවද්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පවසයි. පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරුන්ට පොලිස් පරීක්ෂක දක්වා කාර්ය මණ්ඩල පුරප්පාඩු සැලකිල්ලකින් තොරව උසස්වීම් ලබාදීමේ අවශ්‍යතාව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව පිළිගෙන ඇත. එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස වැටුප් කොමිසම පොලිස් දෙපාර්තමේන්තුව වෙත ඉකුත් ජුලි මාසයේ ඉදිරිපත් කළ ලිපියට මෙතෙක් ප්‍රතිචාර ලැබි නැතැයි මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *