රාජ්‍ය ජායාරූප උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට විධිවිධාන

Share Button

රාජ්‍ය ජායාරූප උළෙල චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට විධිවිධාන යොදා ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ සුධිර නිලංග විතාන මහතා පවසයි. ලෝක ජායාරූප සැමරුම් දින උළෙලට සමගාමිව මෙම උළෙල හෙට පැවැත්වේ. ජායාරූප ක්‍ෂේත්‍රයට ඉටුකළ මෙහෙවර අගයමින් ජ්‍යෙෂ්ඨ ජායාරූප ශිල්පින් දෙදෙනෙකු වන පී. යු. ඩී. පෙරේරා සහ ගාමිණි ජයසිංහ යන මහත්වරු මෙහිදී ජායාරූප අභිමානී සම්මානයෙන් පිදුම් ලබති. මීට සමගාමීව නවීන ජායාරූපකරණය පිළිබඳ විදේශිය ජායාරූප ශිල්පියෙකුගේ දේශනයක් ද පැවැත්වේ. රූපාවලෝකන ශාස්ත්‍රිය සංග්‍රහය එලිදැක්වීම ද මෙහිදී සිදු කෙරේ.

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා කලා මණ්ඩලයේ ජායාරූප උපදේශන සභාව එක්ව මෙම උළෙල සංවිධාන කරයි.
මේ අතර. සිංහාභිමානය ඡායාරූප දැක්ම ලබන 19 . 20 සහ 21 යන දිනවල දී පැරණි ලංදේසි රෝහල් පරිශ්‍රයේදී පැවැත්වේ. හෙටට යෙදෙන ලෝක ඡායාරූප දිනය නිමිත්තෙන් මෙය සංවිධාන කර ඇත. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඡායාරූප ශිල්පියෙකු ලෙස ගනු ලැබු වනජීවින්ගේ ඡායාරූප එකතුවක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *