ශ්‍රී ලංකා කණ්ඩායම ට කඩුඵ 06 ක විශිෂ්ට ජයක්
අයිසිසි ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුඵ 06 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ජයග්‍රහණය සදහා අවශ්‍යවු ලකුණු 268 ක ඉලක්කය කඩුඵ 04 ක් දැවී අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. නායකත්වයේ විශිෂ්ට ඉනීමක් ක්‍රිඩා කළ දිමුත් කරුණාරත්න ලකුනු 122 ක රැස් කළේය. ලහිරු තිරිමාන්න ලකුණු 64 යි. ඔවුන් දෙදෙනා පලමු කඩුල්ල සදහා ලකුණු 161 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය. මෙම තරගයේ පලමුව පන්දුවට පහරදුන් නවසිලන්ත පිල ලකුණු 249 ක්ද දෙවන ඉනීම සදහා ලකුණු 285 ක්ද ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනීම ලකුණු 267 යි. දිමුත් කරුණාරත්න තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා පිල ඉදිරියෙන් සිටි.
====
එංගලන්තයේ ලෝඩ්ස්හි පැවැත්වෙන එංගලන්ත – ඕස්ට්‍රේලියා අඵ බඳුන ක්‍රිකට් තරගාවලියේ අවසන් දිනය අදයි. දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම කඩුඵ 4 කට ලකුණු 140 ක් ලබා සිටියේය.. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 258 ක් රැස් කළේය. ඕස්ට්‍රේලියාව ප්‍රථම ඉනිමට සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 250 කි.