පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් කැණිම් සිදුකරන ව්‍යාපාරිකයින් ලියාපදිංචි කිරිම ඇරඹයි

Share Button

පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර ඛනිජ කැනීම් සිදුකරන ව්‍යාපාරිකයින් හා එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන පුද්ගලයින් ලියාපදිංචි කිරීම ලබන අගහරුවාදා ආරම්භ කරන බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි. එම ස්ථාන වඩාත් පාරද්‍රෘශ්‍ය අයුරින් සිතියම් ගත කර විධිමත් නීතිමය රාමුවක් යටතට ගැනීම එහි අරමුණ බව එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සි එම් ඊ ආර් සිරිවර්ධන මහතා පැවසීය. ලියාපදිංචිය සදහා අවශ්‍ය අයදුම්පත් ලබන අගහරුවාදා සිට දිවයිනේ සියලු ප්‍රාදේශිීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරි කාර්යාල මගින් ලබාගත හැකිය. නිසි ලෙස සම්පුරණ කළ අයදුම්පත් ලබන මස 10 වැනිදාට පෙර අදාළ කැණිම් භුමිය පිහිටි වසමේ ග්‍රාම නිලධාරින් වෙත භාරදී ලදුපතක් ලබා ගත යුතු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *