රජයට රුපියල් මිලියන 4 ක පාඩුවක් සිදුකළ සතොස හිටපු සාමාන්‍යාධිකාරි විමල් පෙරේරා මහතාට වසරක සිරදඩුවමක්

Share Button

2002 වසරේදි රජයට රුපියල් මිලියන 4 ක පාඩුවක් සිදුකලේ යැයි චෝදනා ලබා සිටි සතොස ආයතනයේ හිටපු සාමාන්‍යාධිකාරි විමල් පෙරේරා මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරනය වසරක සිරදඩුවමක් නියම කලේය. ඊට අමතරව රුපියල් පනස්දහසක දඩයක් ද නියම කෙරුණි. විත්තිකරුට එරෙහිව සිරදඩුවමක් නියම කර ඇති බැවින් ඔහුට වන්දි ගෙවන ලෙස නියෝගයක් නොකරන බව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පැවසුවාය. අනතුරුව ඉදිරිපත්වු අභියාචනයක් සලකා බැලීමෙන් පසු ඔහුව රුපියල් ලක්ෂ 3 ක ශරීර ඇපයක් මත මුදාහැරුනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *