ඉඩම් විශේෂ පනත් කෙටුම්පත රජය ඉල්ලා අස්කර ගනී.

Share Button

රජය ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගනි. අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා අද මේ බව පාර්ලිමේන්තුවේදි පැවසීය. රජය බලාපොරොත්තු වුයේ ඉඩම් ඔප්පු නොමැති ලක්ෂ 25 ක ජනතාවට සින්නක්කර ඔප්පු ප්‍රදානයයි. එහෙත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අධිකරණයට ගොස් එය වැලැක්වු බව ඔහු කිවේය. එම නිසා දැන් නෛතික ප්‍රශ්න පැන නැගී තිබේ. සාමාන්‍ය මිනිසුන්ට ඉඩම් අයිතිය ලබාදිමට විපක්ෂය විරුද්ධවු බව ඔහු කීවේය.
මෙහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුනවර්ධන මහතා පැවසුවේ විපක්ෂය මෙම පනතට එරෙහි වුයේ මහපොලොවේ අයිතිය විජාතිකකරණය වැලැක්වීමට බව සඳහන් කලේය.
බුද්ධිමය දේපල පනත යටතේ නියෝගයක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුනි. ඒ පිළිබඳ විවාදය ආරම්භ කරමින් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ සංගීතඥයින්. ගී පද රචකයින්. වාදකයින් ඇතුඑ ශිල්පින්ට මෙම නියෝගය ඉතා වැදගත් බවයි. කතෘ භාගය අයකර ගැනිම ශ්‍රි ලංකාව වැනි රටවලට කළනොහැකි තත්ත්වයක් උදාවී තිබෙන අතර මෙම නීති මගින් ඊට පිළියම් ලැබේ.
කතෘ භාගයලබාදීමට රජය විසින් යාන්ත්‍රනයක් සකස් කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා කීවේය.
රජය ගෙන ආ මෙම සංශෝධනය පිළිබඳව සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුනවර්ධන මහතා කීවේය. කීර්තිමත් කලාකරුවන් මෙරට සිටියත් ඔවුන් රැකගැනීමේ වැඩපිළිවෙලක් තිබේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා විමසා සිටියේය. නාලිකා සතුව ඇති සංඛ්‍යාතවල අයිතිය සමාජය සතු බව ඔහු කීවේය. රුපියල් කෝටි 2917 ක පරිපුරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
මේ අතර ජපානයේ හිටපු විශේෂ සාම නියෝජිත යෂුෂි අකාෂි මහතා පාර්ලිමේන්තුවේ කටයුතු නැරඹීමට අද එක්විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *