අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අගමැති පෙන්වා දෙයි

Share Button

අපනයන ආර්ථිකය ශක්තිමත් කිරිමේ අවශ්‍යතාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. එමගින් රටේ ආර්ථිකය ශක්තිමත් කර ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවිය යුතු බව ඔහු කියා සිටි. කම්කරු අමාත්‍යංශය සඳහා කොළඹ නාරාහේන්පිට ඉදිකෙරුණු මෙහෙවර පියස ගොඩනැගිලි සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව කීවේය. එම ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද පෙරවරුවේ විවෘත කෙරුණි. විවෘත ආර්ථිකය හඳාුන්වාදීමෙන් පසු විශාල සේවක පිරිසක් පෞද්ගලික අංශයෙන් බිහි වුනි. එමගින් කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යය භාරය ද ඉහළ ගිය බව අගමැතිවරයා කීවේය.
දකුණු ආසියාවේ විශාලතම අරමුදල් දෙක වන සේවක අර්ථසාධක අරමුදල සහ සේව්‍ය භාරකාර අරමුදලේ වටිනාකම මේ වන විට රුපියල් ට්‍රිලියන 2 යි දශම 2 ක් සහ රුපියල් බිලියන 400 ක් වන බව අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා මෙහිදී කීවේය. සේවක අර්ථසාධක අරමුදලේ සක්‍රීය දායකත්වය ලබා ඇති සංඛ්‍යාව මිලියන 2 යි දශම 5 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *