පාසල් විභාග පිළිතුරුපත් ඇගයීමේ ක්‍රියාවලිය තුල කිසිඳු විභාග අපේක්ෂකයෙකුට අගතියක් සිදුනොවන බව විභාග කොමසාරිස් පවසයි

Share Button

පාසල් විභාග පිළිතුරුපත් ඇගයීමේ ක්‍රියාවලිය තුල කිසිඳු විභාග අපේක්ෂකයෙකුට අගතියක් සිදුනොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසයි. ඉකුත්දා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ දැන් පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු පිළිබඳව මේ දිනවල ඇතැම් විද්‍යුත් මුද්‍රිත හා සමාජ ජාල මාධ්‍යවල විවිධ අදහස් පලවෙයි. ඒවා ආශ්‍රයෙන් සමාජය තුල ගොඩනැගෙන්නාවු කථාකාවත් නිවැරදි නොවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි. විභාග ඇගයීම් ක්‍රමවේදය වඩා විශ්වාසනීය හා වගකීමෙන් සිදුකරනු ලැබේ. විද්‍යාත්මක පදනමක සිට ඇගයීම් කටයුතු මෙහෙයවීමට විභාග දෙපාර්තමේන්තු දරණ වෑයම තුල කිසිඳු විභාග අපේක්ෂකයෙකුට අගතියක් සිදුනොවන බව ඔහු කියා සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *