නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩි භාර ගනී

Share Button

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා ලෙස අද වැඩ භාර ගත්තේය. මෙම උත්සවය යුද හමුදා මුලස්ථානයේ පැවැත්වුනි. කැඩේට් නිලධාරියෙක් ලෙස 1984 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැදුනු ශවේන්ද්‍ර සිල්වා මහතා නව තනතුරට පත්වීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස ක්‍රියා කළේය. ඊට පෙර ඔහු යුද හමුදා විධායක ජනරාල් තනතුර හා ගජබා රෙජිමේන්තුවේ රෙජිමෙන්තු අධිපති යන තනතුරු හෙබවුයේය. පුරා වසර 34 ක තම යුද හමුදා සේවා කාලය තුළ විවිධ ආයතනයන්හි ප්‍රධාන පාලන තනතුරු මෙන්ම මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් 2009 මැයි දක්වා කෙරුනු මානුෂිය මෙහෙයුමේ සුවිශේෂි රණකාමියෙකු ලෙස ඔහු ජනාදරය දිනා ගත්තේය. විවිධ වීරක්‍රියා පදක්කම් රාශියකින් ඔහු පිදුම් ලබා තිබේ. හමුදා දිවියේදී ලැබිය හැකි ඉහලම පදක්කම වන වීර වික්‍රම විභුෂණ පදක්කමින් ද ඔහු පිදුම් ලැබීය. එමෙන්ම 2010 වසරේදී නිවියෝර්ක් හි එක්සත් ජාතින්ගේ සංවිධානයේ තානාපති හා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස ක්‍රියා කළේය. මෙරට විදේශ දුත මෙහෙවරට තානාපති තනතුරක් සදහා හමුදා සේවයේ යෙදි සිටියදී පත්කළ ප්‍රථම හමුදා නිලධාරියා ද ඔහු වෙයි. එමෙන්ම එක්සත්ජාතින්ගේ සාම සාධක නියෝජිත මණ්ඩලයේ ඉහල පෙලේ උපදේශක කමිටුව සදහා පත්කළ පලමු ශ්‍රී ලාංකිකයා ද ඔහු වෙයි. එමෙන්ම ශවේන්ද්‍ර සිල්වා මහතා 2600 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ග්‍රන්ථයක්ද රචනා කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10