ඉන්දිය විදේශ ඇමති රටවල් කිහිපයක සංචාරයක

Share Button

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියට ඉන්දියාවේ සංචාරයක් සදහා ඇරයුම් කෙරේ.
මේ දිනවල බංග්ලාදේශයේ සංචාරය කරන ඉන්දීය විදේශ ඇමති එස් ජායිශංඛර් මහතා අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය හමුවූ අවස්ථාවේදී මේ පිළිබද ඇරයුම කළේය. ඒ සදහා ආරාධනා පත්‍රය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එවා තිබුණි. කලාපීය රටවල් සමග ද්විපාර්ශ්වීය සබදතා වඩාත් තහවුරු කර ගැනීමට ඉන්දීය නායකයා බලාපොරොත්තු වන බව ජායිශංඛර් මහතා මෙහිදී කීවේය. මේ අතර. ඉන්දිය විදේශ අමාත්‍යවරයා අද නේපාලයේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි.
====
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ඩෙන්මාර්ක් සංචාරය අවලංගු කෙරේ. ග්‍රින්ලන්තය ඇමෙරිකාවට අලෙවි කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ඩෙන්මාර්ක් අගමැතිවරයා ප්‍රකාශ කිරීම සමග ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ. ග්‍රින්ලන්තය ඩෙන්මාර්ක පරිපාලන කලාපයේ පිහිටා තිබේ. ලබන මස 02 වැනිදා සංචාරය ක්‍රියාත්මකවීමට නියමිතව තිබුනි.
====
ජී-හත කාර්මික රටවල නායක සමුඵවට රුසියාව නැවත එක්විය යුතු යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කියයි. මෙවර සමුඵව මේ සතිය අගදී ප්‍රංශයේදී පැවැත්වේ. බැරැක් ඔබාමාගේ පාලන සමයේදී ජී-අට සමුඵව ලෙස හැදින්වු මෙයින් රුසියාව ඉවත් විය.
=====
බ්‍රසිලයේ ඇමේසන් වනාන්තරයේ මේ වසරේ වාර්තාගත ගිනිගැනීම් සංඛ්‍යාවක් වාර්තාවී තිබෙන බව එරට අභ්‍යාවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි. එහි ප්‍රධානියා ලොවට අසත්‍ය ප්‍රකාශ කරන බව පවසා ජනාධිපති ජා බොල්සෝනාරෝ මහතා ඉකුත්දා ඔහුව ධුරයෙන් ඉවත් කළේය. එහෙත්. නව ප්‍රධානියා ප්‍රකාශයට පත්කර ඇත්තේ ද ජනාධිපතිවරයා බලාපොරොත්තු නොවු වාර්තාවකි. මේ අනුව 2018 වසරේ මෙම කාලවකවානුවට සාපේක්ෂ්ව මේ වසරේදී වනාන්තරයේ ගිනිතැබීම් සංඛ්‍යාව සියයට 83 කින් ඉහල ගොස් ඇතැයි පෙන්වාදී ඇත. චන්ද්‍රිකා දත්තවලට අනුව ඒවා තහවුරු කර ඇත. අලුත්ම ගිනිතැබීම් අනුව සාවෝපාවුලෝ අගනුවර අහස ඝණ වළා පටලයකින් වැසි ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *