වසර 25 කට පසු ස්ථාවර නියෝග වෙනස් කර. පාර්ලිමේන්තුවේ කටයුතු වඩාත් ඵලදායි කල බව කතානායකවරයා කියයි

Share Button

ලොව කාර්ය්‍යක්ෂම පාර්ලිමේන්තුවක් ලෙස ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව අන්තර් ජාතික ඇගයීමට ලක්ව ඇතැයි කතානායක කරු ජයසුරිය මහතා පවසයි. වසර 25 කට පසු පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කර පාර්ලිමේන්තුවේ කටයුතු වඩාත් ඵලදායි ලෙස සිදුකර ගෙන යාමට පියවරගත් බව රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාවේ කටයුතු ජනමාධ්‍යය වෙත විවෘත කිරිමේ සාමාරම්භක අවස්ථාවට පාර්ලිමේන්තුවේ අද එක්වෙමින් කතානායක වරයා පැවසීය. තොරතුරු දැනගැනීමේ පනත මගින් රටේ ප්‍රබෝධයක් ඇති වී තිබේ. එම පනත මගින් නිසි ප්‍රයෝජන ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවද. කතානායකවරයා කිවේය. පාර්ලිමේන්තුව වෙන් කරන මුදල් රටේ හා ජනතාවගේ සුභසිද්ධියට නිසි අයුරින් වැය වුයේද යන්න . සොයාබැලීමට රාජ්‍ය ගිණුම් කාරක සභාවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු වන බව එහි සභාපති ලසන්ත අලගියවන්න මහතා මෙහිදි පැවසීය. කාරක සභා ක්‍රියාදාමය තුලින් අවංක සේවයක් ඉටු කිරිමට උපරිමෙන් කැපවන බවද ඔහු කිවේය. 2018 වසරට අදාලව රාජ්‍ය ආයතන 838 ක ගිණුම් වල කාර්ය සාධනය පිලිබද වාර්තාවක් ඉදිරියේදි පාර්ලිමේන්තුයවට ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *