ත්‍රස්ත ප්‍රහාර පිළිබද සොයා බැලිමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය සැප්තැම්බර් 30 වැනිදා දක්වා දිර්ඝ කෙරේ

Share Button

ශ්‍රි ලන්කන් ගුවන් සමාගමේ කටයුතු පිලිබද එක් දින පාර්ලිමේන්තු විවාදයක්

පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාර පිළිබද සොයා බැලීමට පත්කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරිම සදහා. ලබන මස 30 වැනිදා දක්වා කාලය ලබාදීමට පාර්ලිමේන්තුව තීරණය කරයි. ඊට අදාළ යෝජනාව සභානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. මේ අතර පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ දෙවන වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ශ්‍රි ලන්කන් ගුවන් සමාගමේ කටයුතු පිළිබද දිනක විවාදයක් ලබාදෙන ලෙස හෙතෙම ඉල්ලීමක් කලේය. ඒ සම්බන්ධව අදහස් දැක්වු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ. ඊට අදාළව දිනයක් ලබාදිය හැකි බවයි.

ඩොලරයේ අගය වැඩිවීම හේතුවෙන් ඖෂධවල මිල යම් ප්‍රමාණයකින් වැඩි කිරීමට සිදුවු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. එහෙත් පිළිකා රෝග සදහා භාවිත කරන ඖෂධවල මිල වැඩිකර නොමැත. ඖෂධවල මිල යම් ප්‍රමාණයකින් වැඩි කළද පෙර පැවැති තත්ත්වයට වඩා වර්තමානයේ ඖෂධ මිල අඩු බව අමාත්‍යවරයා කිවේය. ඩොලරයේ අගය අඩුවු විට යලි ඖෂධ මිල අඩු කෙරේ. ඖෂධ මිල අඩුකිරීමත් සමග ගුණාත්මක ඖෂධ වෙළෙද පලෙන් ඉවත්ව ඇති බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර පදනම් විරහිත බවද අමාත්‍යවරයා කිවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *