කොළඹ මගි ප්‍රවාහනයට බෝට්ටු සේවයක් – දකුණු ආසියාවේ අලංකාරම නගරය බවට කොළඹ පත්කරන බව අගමැති පවසයි.

Share Button

කොළඹ නගරය දකුණු ආසියාවේ අලංකාරම නගරය බවට පත් කිරිම රජයේ ඉලක්කය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එය ඉන්දියන් සාගරයේ මහා නගරය බවට පත් කිරිම අරඹා තිබේ .

මහා නගර සංකල්පය හා දර්ශනය ඉදිරිපත් කළේද වත්මන් රජය බව ඔහු කියා සිටි. කොළඹ නගරයේ මාර්ග තදබදයට විසදුමක් ලෙස යුනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා බේරේ වැව මගී ප්‍රවාහන සේවය ඇරඹිමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව කිවේය. මෙහිදි අදහස් දැක් වු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ රට සංවර්ධනය කිරිමේදී පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරිම අත්‍යවශ්‍ය කටයුත්තක් බවයි.

පලමු මාසයේදි ජනතාවට නොමිලේ එහි ගමන් කළ හැකිය. බස් රථයකින් පැය භාගයක පමණ කාලයක් ගතවන මෙම ගමනට අදාල යාත්‍රා සේවය මගින් ගතවන්නේ මිනිත්තු 10 කට ආසන්න කාලයක් බව ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව පවසයි. ශ්‍රි ලංකා නාවික හමුදාව හා ඒකාබද්ධව මෙම යාත්‍රා සේවය ක්‍රියාත්මක කර තිබේ. නාවික ගමනාගමනයේදි පිළිපැදිය යුතු සියලු ආරක්ෂක විධිවිධාන මෙහිදි අනුගමනය කෙරේ. මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන සියයක් වැය කර තිබේ .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11