ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා අද රාත්‍රියේ දිවයිනට

Share Button

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සිසන්ක් මනෝහර් මහතා අද රාත්‍රියේ දිවයිනට පැමිණෙයි. ඔහු දින 4 ක් මෙරට රැදී සිටී. මෙරට ක්‍රිකට් ක්‍රිඩාවේ අභිවෘද්ධිය සඳහා ගතහැකි පියවර සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා සමග සාකච්ඡා කරන බව ක්‍රිඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පලකලේය. මනොහර් මහතා හෝමාගම දියගම ඉදිකිරිමට යෝජිත නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගන භූමියේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙයි. හෙතෙම නවසීලන්ත සහ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම් හමුවීමට ද නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *