ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි ආර්ථික සංවර්ධනය ඇතිකරන බවට රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගෙන් ප්‍රකාශයක්

Share Button

ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි ආර්ථික සංවර්ධනය ඇතිකරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට අද පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පලකලේය.

එහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා පැවසුවේ රටේ මුල්‍ය තත්ත්වය ශක්තිමත් කර ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට මෙම සංශෝධන පනත උපයෝගි වන බවයි.
රටේ අර්බුදයක් පැවති සෑම අවස්ථාවකම රටේ ආර්ථිකයට මහජන බැංකුව හා ලංකා බැංකුව විශාල ශක්තියක් ලබාදුන් බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන. මන්ත්‍රිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම සංශෝධනය මගින් මහජන බැංකුව විකණිමක් සිදුනොවුන බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා විවාදයට එක්වෙමින් අවධාරණය කලේය. මහජන බැංකුවේ අයිතිය තවදුරටත් රජය සතුවන අතර බැංකුව ශක්තිමත් කිරීම රජයේ අරමුණ බව හෙතෙම පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *