ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුඵ අපරාධ හයක විමර්ශන ප්‍රගති වාර්තා නිතිපතිට

Share Button

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුඵ අපරාධ හයක් සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධ ලිපි ගොනුවක් නිතිපති දප්පුල ලිවේරා මහතා වෙත වැඩබලන පොලිස්පති සී. ඩ.ි වික්‍රමරත්න මහතා ඊයේ යොමු කර ඇත. නිතිපතිවරයා ඉකුත් 15 වැනිදා කළ ඉල්ලිමකට අනුව වැඩබලන පොලිස්පතිවරයා එම විමර්ශන ප්‍රගති වාර්තාව යොමු කර තිබෙ.් රගර් ක්‍රිඩක වසිම් තාජුඩින් ඝාතනය. සහන සේවකයන් 17 දෙනෙකුගේ ඝාතනය. මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරිම. මාධ්‍යවේදි කීත් නොයාර් පැහැරගෙන යාම සහ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදහන් කිරිම යන අපරාධ විමර්ශන වලට අදාල ප්‍රගතිය මෙලෙස නිතිපතිවරයා වෙත යොමු කර තිබෙ.් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *